Monday, May 24, 2010

බුදුන් දකින්නට කොළඹට ආවෙමි



කඩදාසිෘ සව් කඩදාසිෘ පාට පාට කඩදාසි. රැල් රැල් මඳ සුළඟ “සිලි සිලි” ගාල සෙලවෙනව. බලන්න ලස්‌සනයි. දඹදිව ලුම්බිණියෙ ඉඳල හෙමින් සැරේ පාවෙන සුළඟ. බුද්ධගයාවෙ ඉඳල හෙමින් සැරේ පාවෙන මඳ සුළඟ. සාරනාථයේ ඉඳල නැලවි නැලවි එන මඳ සුළඟ. කුසිනාරාවෙ ඉඳල ශාන්ත දාන්තව ඇදී එන මඳ සුළඟ.

අසිරිමත් පණිවුඩයක්‌, අපූරු කූඩුවක්‌. මගේ සිත ආශාවෙන් මත් වෙනව. ආශාව? මේ උතුම් දවසෙ? ආශාව හොඳ නැහැ. රාගය, ද්වේශය, මෝහය භවයෙන් භවයට පියගැට පෙළ. එAත් කූඩුවෙ ලස්‌සන. එAකත් පැටවු ගහල. පැටවු වට කරගෙන කූඩුවටත් ආශාව ඇති වෙලා. රාගයෙන් මෝහයෙන් මෝහයට පත්වෙලා. එAකයි මෙච්චර පැටවු. හැම තැනම පැටවු එA අත බැලුවත් මේ අත බැලුවත් හැම තැනම පැටවු. ආශාවේ ප්‍රතිඵල සංසාර බිජුවට වපුරනව.

අනේ එAත්… උන්ගෙ ටිකිරි සිනාව, කතාව, හරිම ලස්‌සනයි. හරිම අහිංසකයි. ආදරයක්‌ ඇති වෙනව. ආශාවක්‌ ඇති වෙනව. මගෙ පුතා, මගෙ දුව, මගේ පුංචි පැටවු.

“අන්න… අන්න… අර අතන මොකක්‌ද? ගිනි ජාලාවක්‌ වෙසක්‌ කූඩුව වට කරගෙන. ගිනිදැල් කූඩුව වැළඳ ගන්න ආලය, ආදරය, ප්‍රේමය. ගිනිදැල් ආශාවෙන් වශීවෙලා රාගයෙන් මත් වෙලා. කූඩුව බදාගෙනෘ සූ ගාල සෙනඟ. අර… අර… කට්‌ටියක්‌ එA පැත්තට දුවනව. එAගොල්ලන් එAකටත් විරුද්ධකම් කරනවා වගේ.

හොඳ නැහැ. හොඳ නැහැ. ගිනිදැල්වල ආශාවට ඉඩ දෙන්න ඕන. එAත් හුඟ දෙනෙක්‌ ගින්දරත් එක්‌ක සටන් කරනවා. මොනවටද? මොකක්‌ ආරක්‍ෂා කරගන්නටද? අර අනෙක්‌ පැත්තේ ගිනිදැල් මිනිස්‌සු තුන් හතර දෙනකුත් වෙලා ගත්ත. අනේෘ බිම පෙරළිල කෑගහනවා. දැවිල්ලලු. තෘෂ්ණාවේ දැවිල්ල වෙන්න ඇත.

මොකක්‌ද ආව. පොලිසියෙන්ද? නැහැ. ගිලන් රථයක්‌ෘ දැවිල්ල එවුන් ඒකට එබුව. ගිලන් රථය සෙනඟ පීරාගෙන අධික වේගයෙන් යනව… “කී… ඊ… කී… ඊ… කී..ඊ…” එAකෙ උඩින් රතු ලයිට්‌ කර කැවි කැවී නිවෙනවා, පත්තුවෙනව. විදුලි එළිය. එAත් ගින්දරම නේ. ගින්දර ජය ගත්ත. ඇත්තටම කෝ කූඩුව? මේ තියෙන්න. පරණ කූඩුව. අස්‌ථි පඤජරය. කෝ ලස්‌සන රැලි පාට පාට කඩදාසි? ගිනිදැල්වල ආශාවට අහුවෙලා ජය පැන් බොනව. ආශාව ජය අරගෙන.

“කූඩුව? මොන කූඩුවද?”

“කෝ තාත්තෙ වෙසක්‌ කූඩුව?”

උන පතුරු, බට පතුරු, ලී කෑලි, කම්බි කෑලි, යකඩ ඇණ කළු ගැහිල. පරාණ කූඩුව තවමත් පැටවු එල්ලගෙන. තෘෂ්ණාව ගිහිල්ල නැහැ. සඳ රැස්‌, සුදු සඳ රැස්‌, ලී පතුරු අතරේ පෙරෙනව. ඇට කූඩුව සුළඟට එA මේ අත සෙලවෙනව.

මගේ හිත පෑරිලා. හිතට සහනයක්‌ නැහැ. එA මොකද? සව් කඩදාසිත් එක්‌ක ආශාව අළු වෙලා.

“තාත්තෙ… තාත්තෙ… මොකද ඔය උඩ බලාගෙන? යමු බුදුන් බලන්න. ඔක්‌කොම ගිහිල්ල…”

ආ… ඇත්ත තමයි කවුරුවත් නැනැ. කොහෙ ගිහිල්ලද? භවයෙන් භවයට පාර කපන්න. ඇයි මෙතන නොහිටියේ? ආශාවක්‌ නැහැල්ලු. ඇයි මේ අස්‌ථි පඤ්ජරයක්‌ තියෙන්නෙ. එAක දැක්‌කහම ජීවිතයක්‌ කලකිරෙනවලු.

සෙනඟ බුරුතු බුරුතු. මේ කොහොද පාවෙන්නෙ?

අර ඈත ලයිට්‌ නිවෙනව, පත්තු වෙනවා, හරි ලස්‌සනයි. මගේ හිත ආශාවෙන් පිරෙනව. මෙහෙමත් සෙනඟක්‌. කිටි කිටියෙ තෙරපෙනව.

“දූ… නගින්න මගෙ කරට…”

පොඩි පොඩි පැටවු ඉලන්දාරි, ලමිස්‌සියො, ආතලා, ආච්චිලා මොනවා? හාමුදුරුවොත්ෘ බුදු පුත්තු. කවුරු බලන්නද? බුදුන් බලන්න වෙන්න ඇති. බුදුන් කොහෙද ඔහෙ?

හරිම දුකක්‌ විඳගෙන බුදුන් දකින්න යන්නෙ. හිරවෙලා, තැලිල, පොඩිවෙලා, පොරකකා අවුරුදු දහස්‌ ගණනක්‌ ඉඳලා බුදුන් හොයනවා. එAත් බුදුන් දැක්‌ක කෙනෙක්‌ නැහැ. අදවත් හම්බ වෙයිද? ඈත එළියක්‌ නම් පේනවා. හරිම පැහැබරයි. බුදුරැස්‌ වෙන්න ඇති.

“සාදුෘ සාදුෘ සාදුෘ” යන්න ඕනෑ සෙනඟ පෙරළගෙන හරි. බුදුන් දකින්න තියන ආශාව. එAත් බුදුන්ට හොරෙන් යන්න ඕනෑ. උන්වහන්සෙ දැනගත්තොත් ආශාව පොදි බැඳගෙන එනව කියල හිතයි.

ඔන්න තල්ලුවක්‌ෘ

“කවුද බොල තල්ලු කරන්නෙ? මුන්ගෙ මහ එවුන්ට…” ආච්චිගෙ කටට මසුරං දාන්න වටිනවා. බුදුන් දකින්න යන ගමන නේ. “සාදු… සාදු… සාදු…”

“ඌයි මගෙ කකුල” කොහෙද වල් යකෙක්‌ මගෙ අතින් ඇල්ලුව. අම්මෙ…”

“ගෙවල්වලට ගිහිල්ල මනමාලකම් කරපියවු කො… අනේ මේ පොඩි හාමුදුරුවො හිර කරන්න එපා. කමක්‌ නැහැ, කමක්‌ නැහැ, බුදුන් දකින්න යන ගමන නේ… ටිකක්‌ දුක්‌ විඳින්න ඕනැ. අනේ මගේ රත්තරං මාලෙ කඩාගෙන පැන්න. කමක්‌ නැහැ… ගන්න ඇත්තෙ දුප්පතෙක්‌ නේ. එAකත් පිනක්‌ මේ උතුම් දවසෙ.

අන්න බුදු රැස්‌ විහිදෙනව. “සාදුෘ සාදුෘ සාදුෘ” පටාචාරා නිර්වස්‌තරෙන් දුවනව. එAක ද සෙනඟ වැඩිෘ

“විශේෂ නිවේදනයයි. ඔබේ කණකර ආරක්‍ෂා කරගන්න. ලවුඩ්ස්‌පීකරයෙන් ආශාවේ බිජුවට වපුරනවා. කණකර ආභරණ මොකටද? ආරක්‍ෂා කරගන්නලු. මොනවට ආරක්‍ෂා ගන්නද? බුදුන් එහෙම කීවේ නැහැ. ඔය ටික අහන්නද මෙහෙ එන්නෙ. ඕව ආරක්‍ෂා කර ගත්තහම තෘෂ්ණාව ලියලනව.

“මචං… මේ සැරේ පස්‌ට්‌ ගහන්නෙ මේ තොරණ තමයි. පටාචාරා නම් ලස්‌සනට ඇඳල තියනව. කවුද චිත්‍ර ශිල්පිය. ඇයි පටාචාරා විතරද ලස්‌සනට ඇඳල තියෙන්නෙ? නැහැ. නැහැ. ඉස්‌සෙල්ල දැක්‌කෙ පටාචාරාගේ හෙලුවැලි රූපෙ. එAක ඇස්‌වල දෝෂයක්‌.

“කෝ තාත්තෙ බුදු හාමුදුරුවො”

“ඇයි දුව අර පේන්නෙ නැද්ද?”

“එA තාත්තෙ කඩදාසි කෑල්ලක මොකක්‌ද ඇඳලනෙ”

ඔන්න තවත් තල්ලුවක්‌. කොල්ලො, කෙල්ලො ආශාවෙන් තෙරපෙනව. ආදර විමුක්‌තිය අපේක්‍ෂාවෙන්. හරියට මහන්සියි. හිරවෙලාම ඇඟ රිදෙනව… යන්න ඕනෑ රජගෙදර පාරෙන්.

දිගටම තට්‌ටු ගණන් උස බිල්ඩිං, ලයිට්‌වලින් සරසල හරිම ලස්‌සනයි. සදහම් ගඟ පෙරෙනවා. සෙලින්කෝ, අර මොකක්‌ද බොලේ. පෙරළෙන පඩි පෙළ. කැරකෙන පඩි පෙළ.

“තාත්තෙ බුදුන් අරහෙ ඇති. අර පඩිපෙළ දිගේ මිනිස්‌සු යන්නෙ.”

“එA සංසාර පඩි පෙළ දුව”

“මොකක්‌ද එA හෝ… හෝ… ශබ්දෙ? මුහුදු රැල්ල හරි සැරයි. ඇති වෙනව, නැති වෙනව. එAව එන්නෙ ගල් ගෙඩි පෙරළගෙන යන්න වගේ. එAත් ගල හෙළවෙන්නෙවත් නැහැ. රැල්ල බිඳිල විනාශ වෙලා යනව.

සංසාර විමුක්‌තිය ලබන්න දුවලා පැනලා පුළුවන්ද? රළ ගෙඩිවලට නම් කවදක්‌වත් ඔය ජීවිතෙන් මිදෙන්න බැහැ. ගල් ගෙඩි නම් දැනටමත් සමාධිගත වෙලා.

දැන් ඇඟට ටිකක්‌ සනීපයි. එAත් දෙතොල් ලුණු රහයි. මුහුදු සුළඟ වැදිල, ලුණු පින්න වැදිල.

ගෝල් පේස්‌ බුදුන් හොයල හෙම්බත් වුණු උදවිය හුඟ දෙනෙක්‌ අනේ පවු. බුදුන් හම්බ වෙලා නැතිව තණ නිල්ලෙ දිග ඇදිල. සංසාර ගමනෙ වෙහෙස නිවෙන්න වෙන්න ඇති. “හායි… හූයි… බබි ආච්චිගෙ…” කොල්ලන්ට තියන විසයක්‌. ආච්චි කෙනෙක්‌ ලොඹු කටත් ඇරගෙන උන් දිහා බලාගෙන. බුද්ධාලම්භන ප්‍රීතියෙන් උදම් වෙලාද? මදෑ බුදුන් දකින්න කොළඹ ආවා.

අඳුර… මද අඳුර… පිට්‌ටනියේ සමහර තැන් අඳුරුයි. කෙල්ලො කොල්ලො නිදැල්ලෙ වැළඳගෙන.

“තාත්තෙ… තාත්තෙ… තාත්ත හොඳ නැහැ…”

“එA මොකද දුව?”

“තාත්ත බොරු කියනවා. කෝ බුදුහාමුදුරුවො…?”

“බුදු හාමුදුරුවො කොළඹ නැහැ දුව… අපි යමු විහාරෙට.”

අපොයි මෙහෙමත් සෙනඟක්‌. වැලි ඇටයක්‌ අත ඇරියත් බිම වැටෙන්නෙ නැහැ. බුදු ගේ පුපුරයි ද දන්නෙ නැහැ. මිනිස්‌සු දෙන්නෙක්‌ දොරටුවෙ ඉඳල පොල්ලක්‌ හරස්‌ කරනව. බුදුන් ඉන්නෙ කොහෙද? නිවන් දකින්නෙ කොහොමද? සමහරු එAකටත් පොලු හරස්‌ කරනව. බුදුන් දකින්න තියන ආශාව නිසා තමයි අපිට නිවන් දකින්න බැරි.

“කවුද යකෝ හිර කරන්නෙ…? පොඩි එකියෙ මාලෙ බලාගන්.”

“අනේ ආච්චියෙ දුවගෙ රත්තරං මාලෙ පරෙස්‌සම් කරගන්න. එAක තමයි ලොකු වස්‌තුව”

“අනේ මගෙ මාලෙ… රත්තරන් මාලෙ… කවුරුත් කඩා ගත්තොත් වැඩක්‌ නැහැ.”

“පූඡේමි බුද්ධං…. කෙල්ලෙ මාලෙ බලාගන්. කුසුමේන නේන… සාදු.. සාදු… සාදු…”

“තාත්තෙ කෝ බුදුහාමුරුවො? “අම්ම ආවනම් පෙන්නලා… තාත්ත බොරු කරනව”

“අම්ම කොරතොට ගලයට විහාරෙ සිල් අරගෙන දුව… අපි එහෙ යමු, බුදුහාමුදුරුවො බලන්න. අම්ම එහිදි බුදුන් පෙන්නයි දුව…ෘ”

Source: Divaina 2010/05/23